Sunday, January 31, 2016

රාවන රජු මිත්‍යාවක් ‍නොවන බව පෙන්විය හැකි සාහිත්‍යමය මූලාශ්‍ර  





‍*සිංහල වෛද්‍ය විද්‍යා‍වේ දී -


රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ. මෙ පිළිබදව මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ කරුණු දක්වා ඇත.
“සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති.
ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත.
1. ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්‍රය”
2. නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුණ “නාඩි ප්‍රකාශයත්”
ඔහු අතින් ලියවුණ බව සදහන් වේ.
3. එසේම “අර්ක ප්‍රකාශයේ” පරිච්ඡේද අවසන් වන්නේ පහත වැකියෙනි.
“ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”
4. මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්ථය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “ උද්දීය තන්ත්‍රය” වෙයි.
තවද……..
5.කුමාර තන්ත්‍රය (කුමාර චිකිත්සා) : ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගුය
6.උදිස්සා තන්ත්‍රය (උද්දීය තන්ත්රාය) : මෝහන ප්රීතිකාරය හා ගුප්ත විද්යාරවන් පිළිබදව
7.නාඩි ප්‍රකාශය : නාඩි ශාස්ත්රායට අනුව රෝග නිශ්චය
8.රසරත්නාකරය
9.වටිකා ප්‍රකරණය, යන රාවන සිංහල වෛද්‍ය විද්‍යාව වෙනු‍වෙන් රචිත ග්‍රන්ථ වේ..
තවද සින්දුරම් නොහොත් රස වෛද්‍ය විද්‍යාවේ පියා ලෙසද රාවණ රජු හදුන්වයි.සරලා නැමති දිව්‍ය කාන්තාව‍ගේ කුසතුල හටගත් පිලිකාවක් සැත්කමක් මගින් සුවකළ බව ශල්‍ය වෛද්‍ය චිකිත්සාවලියේ නම් ග්‍රන්ථ යේ සදහන් වේ..
*සාහිත්‍යමය මූලාශ්‍ර ලෙස තවදුරටත්-

1.රාජාවලිය
2.වරිගපූර්විකාව
3.රාවන වත
4.ලංකාවතාර සූත්‍රය
අවශ්‍ය නම්….
5.මහා භාරතය
6.රාමායනය
7.වෛමානශාස්ත්‍ර ,වැනි ග්‍රන්ත…

*අංගම් ශාස්ත‍්‍රය-

රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කොතරම් ප‍්‍රබලද කියතහොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු අරඹන්නේ රාවණා නිරිඳාණන් සිහි කිරිම සඳහා පහනක් පිදීමෙන් අනතුරුවය.

Thursday, January 21, 2016

රාවණ රජු සීතා සඟවා තැබුවේ සීගිරියේද?


     පුරාවිද්‍යාව අතහැර ඉතිහාසය කරා යොමු වූ විටකදී වඩා ඇගැයීමට ලක්වන්නේ මුඛ පරම්පරාගත කරුණුය. එයද විටකදී පුරාවිද්‍යාවට දෙවැනි නොවේ. පාදාගත් ඉතිහාසය තුළ පුරාවිද්‍යාව ගොඩනැඟීම සඳහා මුඛ පරම්පරාව වඩා පැහැදිලි කාර්යභාරයක් ඉටුකර ඇතැයි යන්න ඉතිහාසයට සරදම් කරන සියල්ලෝම පාහේ පිළිගත යුතු යුක්ති යුක්තකි. මා ඔබ සමඟ බෙදා හදාගන්නා කාරණයේ ප්‍රථම අදියරය අයත් වන්නේ ඉතිහාසයටය. දෙවැන්න අයත් වන්නේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන දෙකොටසටය.

     පළමු අදියර තුළ ඉතිහාසය එක් අවස්ථාවකදී අප හට මෙලෙස පවසා සිටී. 'සීතා' යනු රාවණගේ නැඟණියයි. යම්තාක් දුරකට අදහස් හකුළුවාලන එම කරුණ කෙරේ වැඩිමනත් අවධානය යොමු කළොත් එය මෙලෙසය.

     විශ්‍ර වස්මුණි රජුට දාව කෛතසි බිසවකට දියණියක් ලැබිණි. උපන් කුමරියගේ ජන්ම පත්‍රය පිරික්සා බලන විට විශ්‍ර වස්මුණි රජු වඩ වඩාත් අසරණ තත්ත්වයකට පත් වුණේ කුමරිය මෙරට තුළ සිටියෝතින් ඇයගේ සියලු සහෝදරයන් මරා දමා විශාල කලබැගෑනියක් රට තුළ ඇති කරනවා යැයි එහි සඳහන්ව තිබූ නිසාය. රාජ්‍යත්වය සහ රාජ්‍යය යන සංකල්පයේ බරපතළකම අනුව රජුට කළ හැකි එකම කරුණ වූයේ අලුත උපන් බිලිඳිය නොදන්නා ඉසව්වක් කරා යැවීමය. මත්ස්‍ය හැඩයක් ගත් ඔරුවක බිලිඳිය බහා ගොළු මුහුදේ ඇය පා කර හැරි බවත් එම බෝට්ටුව මුහුදේදී විශාල කුණාටුවකට හසුව මුහුද පිටාර ගැලූ නිසා බෝට්ටුව ගංගා නම් ගඟට පා වුණි යැයි කියැවේ. ගංගා නම් ගඟේ දිය නෑමට පැමිණ සිටි මාගින නම් බ්‍රාහ්මණ තාපසයාට ඔරුව ගං තෙරදී දක්නට ලැබී බිලිඳිය ගංගා නම් ගඟ අසබඩ රාජ්‍යය කෙරූ ජනක රජුට භාර දෙනු ලැබුවේ කුඩා බිලිඳියගේ ළමැදේ සටහන් කර තිබූ පුලස්ති පරපුරේ රාජ්‍ය ලාංඡනය නිවැරැදි ලෙස හඳුනා ගැනීමට හැකි වූ නිසාය.

     ජනක රජු සී සෑමේ උත්සවයක නිරත වී සිටි මොහොතක මාගින නම් බ්‍රාහ්මණයා ගෙනැවිත් දුන් බිලිඳිය 'සීතා' ලෙස නම් ලද බවත් පැවැසේ. මෙම කරුණට සාපේක්ෂව යමින් රාමායණය රචනා කළ වාල්මිකී පවසා සිටින්නේ සී සාන විට හීයෙහි පැටලී බිලිඳු කුමරිය අහුලාගත් බැවින් ඇය සීතා වූ බවයි. 

     'නගුලිය' යනුවෙන් ඇයට අප්‍රකට වූ නමක් පටබැඳි වූයේද මේ සීසාන මහෝත්සවයකදී ඇය හමු වූ නිසා යැයි ඉතිහාස කතාකරු පවසයි. රාජ්‍ය සහ රාජකීයත්වය කෙරේ ඇති අධිලෝභත්වය නිසා බිලිඳි කුමරියන් රැසක් බිලිදීම වූ කලී ඉතිහාසයේ නිතර නිතර සඳහන් වන කරුණක් නිසා 'සීතා' වටා ගෙතී ඇති මෙම ඉතිහාස කතාවේද තාර බරක් ඇතැයි සිතිය යුතු නොවේ.

     පසු කලෙකදී දශාර්ථ රජුගේ වැඩිමහල් පුත් රාමචන්ද්‍ර සමඟ විවාහ වූ 'සීතා' රාවණ රජු විසින් පැහැර ගන්නේ දණ්ඩයත්කරණය පාලනය කළ තම නැඟණි වූ සුපර්ණිකා සමඟ රාම - ලක්ෂ්මණ ඇතිකරගත් ආරාවුලක් නිසා යැයි කියැවේ. වැඩිමනත් කරුණක් එයට එකතු කළහොත් 'සීතා' යනු තමන්ගේ නැඟණියක් බව රාවණ රජුද දැන සිටි බව එහි සඳහන් වේ. එම ඉතිහාස කතාවට අනුගත වුවහොත් සීතා යනු පුලස්ති පරපුරේ දැරියකි.රාවණ රජුගේ නැඟණියකි. ඉතිහාස කතාකරුවකු තවත් පියවරක් ආසන්න වුවහොත් සීගිරිය නැතහොත් 'සිංහගිරිය' යනු පුලස්ති රජුගේ රාජධානියයි.

     දෙවැනි අදියර ලෙස ඉතිහාසය සමඟ පුරාවිද්‍යාව ගළපා ගැනීමේදී සීගිරි පර්වතය සුවිශාල වැදගත්කමක් දරනු ලබයි. පොළොව මට්ටමේ සිට අඩි 600ක් නැතිනම් මීටර් 185ක් පමණ සීගිරි පර්වතය උස්වන අතර මුහුදු මට්ටමේ සිට පර්වතය මුදුනට අඩි එක්දහස් එකසිය අනූතුනක් ඇති අතර, මීටර් වශයෙන් ගතහොත් 367කි. සීගිරි පව්ව සැබෑ ලෙසම ඛාදිත ශේෂයකි. ඛාදිත ශේෂයක් ලෙස හැඳින්වෙන්නේ අවුරුදු දස දහස් ගණනක් තිස්සේ මතුපිට පාෂාණ ඛාදනය වීම නිසා ශේෂ වූ තද පාෂාණ සහිත පර්වතය ය. භූගෝල විද්‍යාත්මක ලෙස ගතහොත් මේවා නාමකරණය වී ඇත්තේ මොනැඩිනොක් (ර්ධදචඤදධජඬ) යන නමිනි. ලෝක ආරම්භයේ සිට පළමු වැනි වරට පාෂාණ ධාතු තැන්පත් වීම දක්වා කාලය හැඳින්වෙන්නේ ප්‍රාග් කේම්බි්‍රජ් යුගය ලෙසය. මෙම යුගය සීමා වන්නේ ලෝක ආරම්භයේ සිට අවුරුදු දස ලක්ෂ තුන් දහසක් පමණ කාලය දක්වා වූ වකවානුවකටය. සීගිරි පර්වතය නිර්මාණය වූයේද මෙම ප්‍රාග් කේම්බි්‍රජ් යුගයේදී යැයි භූගෝල විද්‍යා මතය ය.

     කාශ්‍යප රජු විසින් සීගිරිය නිර්මාණය කළා යැයි යන මතය පළමු වරට විවාදාත්මක විය යුත්තේ මෙම භූගෝල විද්‍යා දැනුම මඟිනි. ඒ මන්ද යත් මේසා විශාල කාලයක් මුළුල්ලේ විවිධ හැල හැප්පිලිකම් මැද ලංකා රාජ්‍යය නිරිත දිගට සංක්‍රමණය වීමේදී ස්වාභාවික ආරක්ෂාව කෙරේ කුදු මහත් විශ්වාසය තැබූ රජ පරපුර සීගිරි පව්ව කෙරේ අවිශ්වාස නොකළා වැනි අදහසක් කාශ්‍යප රජු විසින් සීගිරිය නිර්මාණය කළා යන මතයේ සැඟවී පැවැතීමය. කාශ්‍යප රජුගේ රාජ්‍ය විචාරය අවසන් වන්නේ වසර 18ක් පමණ වූ කෙටි කාලයකිනි. එම වසර 18 තුළ සීගිරි පව්ව මත මෙවැනි සුවිශාල නිර්මාණයක් කිරීමට කාශ්‍යප රජු හට හැකියාවක් ඇත්ද යන පැනය ඇති වන්නේ කාශ්‍යප රාජ්‍යය සමඟ දේශපාලනිකව එක්සේසත් රාජ්‍ය සමයක් නොවූ නිසාය. මෙම මතය අනුව යමින් මංගල ඉලංගසිංහ මහතා සඳහන් කරන්නේ මුළු රාජ්‍යයේම ජනතාව වහලුන් වශයෙන් යොදාගෙන හෝ එවන් කෙටි කාලයකින් සීගිරිය වැනි දැවැන්ත නිර්මාණයක් කළ නොහැකි බවය. මුළු රාජ්‍යයේම ජනතාව වහලුන් ලෙස යොදාගෙන වුව යන තර්කය බැහැර කළද කාශ්‍යප රජුට පෙර අනුරාධපුර රජවරුන් සිය විවේකස්ථානයක් ලෙස සීගිරිය භාවිත කළා යන ඉලංගසිංහ මහතාගේ මතය බොහෝ වටී.

     මිනිසුන්ට නැඟීමට පවා අපහසු සීගිරි පව්ව මතට කාශ්‍යප රජු ගියා යැයි මහාවංසය පවසා සිටියත්, එම මතයත් පුරාවිද්‍යා කොමසාරිස් බෙල් මහතාගේ මතයත් අතර වෙනසක් නොවේ. බෙල් මහතාගේ සහ මහාවංසයේ මතයත් පසෙකලා සිටියොත් පැහැදිලිව පෙනී යන්නේ පූර්ව ශිලා යුගයෙන් පසු සීගිරිය මිනිස් පරිහරණයට නතු වූ භූමියක් බවය. සීගිරි නයි පෙණ ගුහාවේ එක් ලෙනක් නාමකරණය වී ඇත්තේ පරුමුඛ නගුලිය ලෙන - ප්‍රමුඛ නගුලිය ලෙන ලෙසය. අප ඉතිහාසය සහ පුරාවිද්‍යාව එක් තැන් කරනු ලබන්නේ පෙර කී නගුලිය ලෙන තුළය. මෙම නගුලි ලෙන යනු යම් අයෙක් සිය පාවිච්චිය සඳහා යොදාගත් ස්ථානයක් යැයි සිතීමට කරුණු භෞතිකව එම ලෙන පරීක්ෂාවට ලක් කරන්නකුට බොහොමත්ම ඇත. මෙම ලියමන ආරම්භ කළ මුල් අවස්ථාවේදී ඉතිහාසකතාකරු අප හට පෙන්වා දුන්නේ 'සීතා' සහ 'නගුලිය' යන පද ජීවය ලැබූ සැටිය. එය තවදුරටත් ඉන්දීයමය ඉතිහාස කතාවක් නිසා නගුලිය යන්න පිළිබඳ ලාංකික අරුත පිළිබඳ දැන ගැනීම වටී.

     සීතා යන්න සංස්කෘත පදයකි. රාවණ රජු විසින් 'සීතා' පැහැරගෙන විත් පළමුව රඳවා තබා ගෙන ඇතැයි පැවැසෙන්නේ ලංකා පුරවරයේය. ලංකාපුරය යනු සිවගිරිය හෙවත් සීගිරියය. එහි සීතාට මනා ආරක්ෂාවක් නොතිබූ නිසා සහ සීතාගේම නැඟණියක වූ ගුර්ණපබාගෙන් සීතාට වූ කෙණෙහිලිකම් නිසා සීතාව අශෝක වනයෙහි රැඳවී යැයි කියනු ලැබේ. සීතාගේ උපත පිළිබඳ වූ මති මතාන්තර පිළිබඳ දැනුවත්ව සිටි යක්ෂ පරපුරට අයත් කාන්තාවක් වන ගුර්ණපබා ඇයට 'නගුලි'යන අවමන්ගත වචනයෙන් ආමන්ත්‍රණය කරන්නට ඇතැයි උපකල්පනය කළහොත් ලංකාපුරයේදී (සිගිරියේදී) සීතා රඳවා තැබූ ස්ථානය (ලෙන) නගුලිගේ ලෙන ලෙස නම් ලද්දාදැයි යන උපකල්පනය නිවැරැදිය.


     උපහාස නම් පටබැඳීම පිළිබඳ යක්ක පරපුර තරම් පළපුරුදුකරුවෝ තවත් මෙදියත නැතැයි යන්නටද ඉතිහාස කතාකරු සාක්ෂි දරනු ලබයි. (චූලෝදර (හීන් බණ්ඩා) මහෝදර (මහබඩා) ඛල්ලාටනාග (තට්ට නාගයා)) වසර 12ක් තරම් කාලයක් රාවණ රජුගේ සිර අඩස්සියේ සිටි සීතා ලංකාපුරයේදී රඳවා තබාගෙන සිටියේ නගුලියගේ ලෙන තුළ යැයි ඉතිහාසය සහ අන් පුරාවිද්‍යාත්මක කරුණු සාක්ෂි නොදරන්නේද?
නයි පෙණ ගුහාවට යාව ඇති නගුලියගේ ලෙන පිළිබඳ පරීක්ෂණ කළ විද්වතුන් සියල්ලන්ගේම පාහේ මතය වී ඇත්තේ සීතා රඳවා තැබූ ස්ථාන අතරින් මෙම ස්ථානය ඉතිහාස කතාවට වඩා අනුරූප වන බවයි. පසු කලකදී කාශ්‍යප රජු දවස මෙම නගුලිය ලෙන පර්යන්ත පාලකයකුට වෙන් කර දුන්නා විය හැකි වුවද නගුලි යන්න නොවෙනස්ව තබා ගැනීමට කාශ්‍යප රජුද ක්‍රියාකොට ඇතැයි කිව හැකිය.

     නයි පෙණ ගුහාව කරා පිය නැඟීමට කලියෙන් සීගිරි පව්ව පාමුල තවත් විවාදජනක ස්ථානයක් වේ. ඒ රාම කැලේය. වර්තමාන සීගිරියට යාබද වනජීවී කාර්යාලය භූමිය පිහිටා ඇත්තේ රාම කැලේ යැයි සඳහන්ය. එයට වෙනස්ව අනුරාධපුර තෙල් සංස්ථා භූමියට යාබද පුරාවිද්‍යා බිම්කඩ හැඳින්වෙන්නේද රාම කැලය ලෙසය. කෙසේ වුව රාම කැලය යන නම භාවිතා වෙන්නේ ඉන්දියාවේ සිටි පැරැණි රාම කුමරු රාවණ රජු සමඟ සටන් වැදීමට ප්‍රථම සේනා සංවිධානය කළ ස්ථානය හැඳින්වීමට යැයි යන්න පිළිගත් මතය ය. පිළිගත හැකි රාම කැලය සීගිරිය ආසන්නයේ පිහිටි බිම් කඩ යැයි සිතිය හැක්කේ එම කොටසේ පැරැණි දාගැබක තිබී සොයා ගන්නා ලද මහාමේරු ගල නිසා යැයි සඳහන් කළේ නම සඳහන් කිරීමට අකමැත්ත ප්‍රකාශ කළ වන සංරක්ෂණ නිලධාරියෙකි.

     ලංකාපුර අසල උප වනයක සේනා සංවිධානය කිරීම අවසන් වශයෙන් සිදුකළ රාම කුමරු සිදුවීමට නියමිත මහා සංහාරය අවම කිරීමේ අරමුණ ඇතිව 'අඬගද' කියන වැඩි මනත් බුද්ධිමත් මිනිසෙක් රාවණ රජු හමුවීමට යැව්ව කියල කියැවෙනවා. එතකොට ඒ විදියට සේනා සංවිධානය වුණේ මේ බිම් කොටසේදී. රාම කැලේ පරණ දාගැබක් තිබුණා. බෙල් මහත්තයලාගේ කැලේදීත් මේ දාගැබ තිබූණට ඒක පරීක්ෂාවට ලක්වෙලා නැහැ. පස්සේ කාලෙක දාගැබ පරීක්ෂා කළාම තමයි ඔය මහාමේරු ගල සොයා ගන්නේ. ඒ ගල දැනට තියෙන්නේ කොළඹ කෞතුකාගාරයේ. උන්නත නාග රූප සහිත ගල් 3ක් එක්ක තමයි මහානාග පබ්බත විහාරයෙන් ඔය මහාමේරු ගල හම්බ වුණේ. දැන් මහාමේරු ගල කියන්නේ 'වේදක' ආගමික සංකේතයක්. මහානාග පබ්බත විහාරය එක්ක සීගිරිය කාශ්‍යප රජු නිර්මාණය කළානම් එතැන තියෙන්න ඕනෑ බෞද්ධ ආගමික යමක්. එහෙම වෙන්නේ කාශ්‍යප රජු බෞද්ධ නිසා. අනෙක තමයි බෞද්ධ ධර්ම රැසක නිකාය තමයි ඔය අවධියේ කාශ්‍යප පාලනය එක්ක මුල් බැසගන්නේ. වේදික ආගමට අයිති මහාමේරු ගල එක්ක මේ නිර්මාණය කරල තියෙන්නේ රාවණ රජු. 

Wednesday, January 20, 2016

රාවණා රජු හා සබැඳි යටගියාව 

*දඬුමොණරය

අද දවසේ බොහෝ අයගේ අවධානයට ලක්වන පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණාගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්. තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්රිශයාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි. සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන් වේ.

පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්රැමානයක් චිත්ර ණය කර තිබුණත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙයි. කුමක් වුවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.


*රාවණා නම් වෛද්‍යවරයා 

සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්බාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කිහිපයක්ම රවුලන් හෙවත් රාවණා රජු විසින් රචනා කර ඇත.

*කුමාර තන්ත්‍රය (කුමාර චිකිත්සා) : ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගුය.
*උදිස්සා තන්ත්‍රය (උද්දීය තන්ත්රාය) : මෝහන ප්‍රතිකාරය හා ගුප්තවිද්‍යාවන් පිළිබදව.
*නාඩි ප්‍රානාක්ෂය: නාඩි ශාස්ත්‍රයට අනූව රෝග නිශ්චය
*අර්ක ප්‍රානාක්ෂයය : මේ කෘතිය අවසන් වන්නේ පහත වැකියෙනි. “ලංකාධිපති රාවන විසින් ප්රදබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”.
* රසරත්නාකරය
* වටිකා ප්‍රානාක්ෂය
මේ ග්‍රන්ථ වල  රාවණා රජුගේ ප්‍රධානත්වයෙන් හිමාලයෙහි ආයුර්වේද සම්මන්ත්‍රණයක් පැවැත්වූ බවද සදහන් වී ඇත. ඒ අනුව රාවණා රජු අති දක්ෂ වෛද්‍යවරයෙකු , මනෝ වෛද්‍යවරයෙකු වේ.


*පුරා විද්‍යාත්මක සාක්ෂි

* “පරුමුඛ නගුලිය ලෙන” සීගිරියේ (අද නයිපෙන ගුහාවේ) හෙළ භාෂාවෙන් ලියවී ඇති සෙල්ලිපිය. මෙවැනි සාධක රාශියන්            තල්කොටේ ගම තුල හා ඒ අවට අදද දක්නට ඇත.
* ආදම්ගේ පාළම – මන්නාරම (පාවෙන ගල්වලින් බැද ඇත)
* යාල (බ්ලොක් 5) හි ඇති ගෝනාගල සෙල්ලිපිය වැනි සෙල්ලිපි
* රාවණ ගොඩ (නුවරඑලිය) සෙල්ලිපිය
* ග්‍රාම නාම – සීතා එලිය, රාවනා ඇල්ල වැනි
* මන්දෝදරී බිසවගේ මාලිගාවක් මහියංගනයේ ඇත.




Tuesday, January 19, 2016

රාවණා රජු ස්ව්න්පතියන් විසි එක් දෙනෙකු මරණයෙන් පනදී යලි කැඳවයි 


කාශ්‍යප හා ගෞතම යන බුදුන් වහන්සේලා දෙනමම ලොව පහළවූයේ රාවණා රජතුමා සිහි මුර්ජාවේ සිටියදීය. එම නිසා රාවණා රජුට උන්වහන්සේලා දැක ගන්නට නොහැකි විය. කෙසේ වෙතත් රාවණා රජු බුද්ධ දර්ශනය පිළිගත්තෙකි. එහෙත් ඔහු සූර්ය වන්දනය කළ අයෙකි. පුරාණ පුස්කොළ පොත්වල රාවණා රජු සූර්යයාට නමස්කාර කළ මන්ත‍්‍ර විශාල ප‍්‍රමාණයක් සඳහන් වෙයි. ඒ අනුව යමින් සූර්ය වන්දනාව රාවණා රජ සමයේ පටන් මුල්බැස පැවති අංගයකි. විජයගෙන් පසු ලංකාවේ රජ සමයන්හි පවා සූර්ය වන්දනාව තිබී ඇත. එබැවින් ඒ පිළිබඳ මතු ලිපියකින් සාකච්ඡාවක් අරඹමු.


රාවණා රජතුමා පිදුරුතලාගල, මහකුඩුගල කන්දේදී දීර්ඝ සිහිමුර්ජාවෙන් අවදි වූ පසු මුලින්ම කළේ පුරුදු සිරිත් කීපයකි. එතුමා නැගෙනහිර දෙසින් හිරු දෙස බලා වැඳගෙන සූර්ය නමස්කාරය කළේය. තුන් විටක් පහත මන්ත‍්‍රය කියමින් සිය ගෞරවය සූර්යයාට පිදීය. ඒ රහස් මන්ත‍්‍රය අපි අද ඔබට ලබාදෙමු.

සූර්යයා යනු අපි ජීවත්කරන මහා ශක්තියයි. පරිසරය, ගහකොළ, සතා සීපාවා ජීවත් කරන බලගතු ශක්තියයි. සූර්ය දෙවි නැමදීම මගින් නොපෙනෙන, බලගතු ශක්තියක් අපට ළඟාවේ. දරුවන්, මාපියන් නමදින්නේ ඇයි? එවැනිම වූ ආශීර්වාදයක් උපන්දා සිටම සූර්යයාගෙන් අපට ලැබේ. හුදෙක් අප ජීවත්කරවීම ඇත්තේ සූර්යයා සතුවය. රාවණා රජතුමා සූර්ය නමස්කාරය කරන්නට ඇත්තේ ඒ වූ මහා ශක්ති කඳම්බය හා සූර්ය දෙවි බලවත්භාවය නිසාය.

”ඕම් ප‍්‍රකාශ ශක්ති සහිත ශ්‍රී
මහර්තණ්ඩ ධෛර්ම ශ්‍රී පාදුකම් පූජයාමි නමඃ
තර්පයාමී නමඃ
ඕම් මිත‍්‍රාය නමඃ
ඕම් රවයේ නමඃ
ඕම් සූර්යාය නමඃ
ඕම් භානවේ නමඃ
ඕම් ගහාය නමඃ
ඕම් භූෂ්නේ නමඃ
ඕම් භිරණ්‍ය ගර්පයාය නමඃ
ඕම් මරීසාය නමඃ
ඕම් ආදිත්‍යාය නමඃ
ඕම් සාවිත්‍රේ නමඃ
ඕම් අර්ඝාය නමඃ
ඕම් භක්ෂකරාය නමඃ
මහත් ධියුක්තිකරාය විමහී
තන්නෝ ආදිත්‍ය ප‍්‍රචෝදයත්”

සූර්ය වන්දනාව කළ රාවණ රජතුමා ඉන්පසු තමන්ගේ සේනාධිපතිවරුන් සොයන්නට විය. රාම-රාවණ සටනදී පවා රාවණ රජු යුද්ධය මෙහෙය වූයේ මේ සේනාධිපතිවරුන් සමගය. ඔවුහු දක්ෂ සටන්කාමීහුය. පෞරෂවත්හුය. රාවණ රජුගේ යක්ෂ සේනාධිපතිවරු 21ක් සිටි අතර මේ සියලූ දෙනා දැන් මළවුන් අතරය. රාවණගේ පුත‍්‍රයා වන ඉන්ද්‍රජිත් එක සේනාධිපතියෙකි. ඔහු අමාවක දිනවල ‘සහශ‍්‍රගත’ යානයේ නැගී සතුරු බිමට එනවිට අඟහරු ග‍්‍රහ ලොවෙහි ජීවින් පවා භීතියෙන් මුසපත්ව ඇත. ඒ තරම් ඉන්ද්‍රජිත් බලවත්ය.

රාම රාවණට පහර ගහන්නට අඟහරු ග‍්‍රහලොවින් උදවු ගත්තත් රාවණ අන්‍ය කිසිම සහායක් යුද්ධයට නොපැතීය. රාවණාගේ සහායට ලොව රටවල් යුද සේනා එවීමට ඉදිරිපත් විය. එහෙත් රාවණට රාමා පරාජය කිරීම සඳහා අතුරු සේනා අවශ්‍ය නොවීය. රාවණට සිදුවූයේ සටනේදී සුළු අත් වැරදීමක් පමණි. එහි ප‍්‍රථිඵල වූයේ රාමා විෂ හීයක් රාවණ වෙත එවීමය. එය රාවණගේ දීර්ඝ සිහිමුර්ජාවට හේ්තුවිය. රජුගේ මරණින් පසු සටන ඉදිරියට සිදු නොවිණ. සිහිසුන් රාවණව රැගෙන යක්ෂ සෙන්පතියෝ පිදුරුතලාගල මහකුඩුගලට ගෙන ගියහ. එහි රාවණ මාලිගයේ රජු සැතපවූහ.

රාවණගේ හමුදාවේ ප‍්‍රධාන සෙන්පතියා පුත‍්‍ර ඉන්ද්‍රජිත් වේ. යළි නැගිටි රාවණ රජු මේ සෙන්පතියන් ඒකරාශී කර ගැනීමට මන්ත‍්‍ර මිමිණූහ. විවිධ මන්ත‍්‍ර හරහා පිරිස රැස්වන බලය රාවණට තිබේ. සෙන්පතියන් කැඳවූයේ ඒ මන්ත‍්‍ර වලිනි. මළවුන් අතර සිටි සෙන්පතියන්ගේ භූත ආත්ම 21ක් රාවණ සොයා මහකුඩුගලට පැමිණියහ. මෙසේ ඒකරාශි කළ භූත ආත්ම නැවත හතේ කණ්ඩායම් තුනකට බෙදුවේය.

පෙර ලිපිවල ලියූ විභූති යක්ෂයා මේ සෙන්පතින් අතර නැත. ඔහු රාවණා සිහි මුර්ජාවෙන් සිටි සමයේ මහකුඩුගලදී ආරක්ෂා කළ අයෙකි. නමුත් අතිශය බලසම්පන්න දැනටත් රාවණ සමග සිටින සහායකයෙකි. ‘මරිචි’ යනු රාවණ, සෙන්පතින් අතර තවත් ප‍්‍රබලයෙකි. ඔහු රාවණගේ සහෝදරියකගේ පුතෙකි. නෑ කමට ‘බෑනා’ වෙයි. මරිචි වාසය කළේ බෑන සමනොළය. රාවණගේ බෑනා පදිංචිව සිටි නිසා එය ‘බෑන සමනොළ” වූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියයි. සීතාව රැගෙන ඒමට රාවණ ගිය වෙලේද මරිචි, රාවණ හා ගොස් ඇත. දැන් රාවණ රජුගේ ආරක්‍ෂක සේනාව වන්නේ මළවුන් අතර සිට පැමිණි සේනාධිපති භූත ආත්ම 21ය. රාවණ රජු තමන් සිටි තැන්වලට හෝ කිසියම් බාහිර තැනකට යන්නට අවශ්‍ය වූ විට මුලින්ම යන්නේ එක භූත ආත්ම කණ්ඩායමකි. එහි සත් දෙනෙකි. එම පිරිස අදාළ තැනට ගොස් ප‍්‍රදේශය පූර්ණ පිරිසුදු කරති. රාවණ එන තැන කිළිටි වී ඇත්නම් පිරිසුදු කිරීමද, මිනිසුන් රැඳෙන තැනක් නම් මුලින් ඒ අය අදාළ තැනින් ඉවත් කිරීමද, දුෂිත පුද්ගලයන් රැඳී ඇත්නම් දඬුවම් කොට පන්නා දැමීමද යක්ෂ බළඇණියේ කාර්යය වෙයි. සියල්ල සූදානම් කළ පසු ‘රාවණ දෙවි’ පැමිණෙන්නැයි ආරාධනාව එයි. රාවණ රජු එදත් අදත් යන තැනක් හැටියට බෑන සමනොළ දැක්විය හැකිය. වසරකට දෙවතාවක් පමණ රාවණ රජු බෑන සමනොළට යයි. එහි විශාල යක්ෂ දේවාලයක් තිබේ. මෙය විශාල ගල් ගෙයකි. මෙහි වන්දනාමාන කරන්නේ පුරාණ යක්ෂ ගෝත‍්‍රික ගැහැණු දේවතාවියකටය. රාවණ රජුටත් පෙර රාවණ ඥාතීහු ඇය දේවත්වයෙන් පුදති.

මේ දේවතාවියගේ මුහුණ වලස් මුහුණකි. හිිසින් පහළ නිරුවත් කාන්තා ශරීරයකි. රාවණා රජු පවා මේ දේවතාවියට වඳින්නේ පුරාණ යක්ෂ ගෝත‍්‍රික පරම්පරාවේ දේවත්වය ලැබූ ආදි මිත්තණියක නිසා විය යුතුය. වර්තමානයේ ඇතැම් රාජ්‍ය නායකයන් දෙවියන් අදහනවා සේම රාවණා රජ සමයේද ඔවුහු දෙවියන් ඇදහූ බව මින් පෙනේ. රාවණ රජු මොනතරම් බලසම්පන්නයෙක් වුණත් බෑන සමනොළයේ දේවාලයට ගොස් පූජා භාර හාරවීම් කොට තමන්ට ශක්තීන් ඉල්ලීම කර ඇත.

රාවණ බෞද්ධ දර්ශනය පිළිගත්තත් ඔහු චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සාහ කළේ නැත. ඔහු භාවනා කළේ නිවන් දැකීමටද නොවේ. භාවනාව ප‍්‍රධාන අංශ දෙකකි. එකක් ලෝකෝත්තර වශයෙන් ආර්ය සත්‍යය අවබෝධ කොට ගෙන නිවන් දැකීම පිණිසය. අනෙක ලෞකික ශක්ති වර්ධනය කරගෙන විශාල බලයක් ඇති කරවා දෙවියන් බ‍්‍රාහ්මණයන් පවා තමන් යටතට ගෙන ලෝක පාලනයට අවශ්‍ය ශක්තිය දියුණු කර ගැනීමටය. රාවණ රජු ලෞකික බලය දියුණු කළා මිස ලෝකෝත්තර ශක්තිය දියුණු නොකළේය.

රාවණ යනු කාමභෝගී ජීවිතයක් ගත කළ අයෙකි. ඔහු ‘මහා සීලවන්තයෙක්’ කියන තැනට මෙහායින් අප නැවතිය යුතුය. එතුමා ලෞකිකව සැපවත් ජීවිතයක් ගෙවීය. කෙතරම් භාවනා කළත් ඉඳහිට ඉන්ද්‍රියන් බිඳගෙන වැඩ කිරීමක් එතුමාට තිබිණි. රාවණට සුන්දර ස්ත‍්‍රියක දුටු සැනින් ඇය හා එකට සිටින්නට ආශාව ගලයි. තමන් ආශා කරන යම් වස්තුවක් දුටුවොත් එය ලබාගැනීමේ උවමනාව උපදී. එබැවින් එම ආශාව සම්පූර්ණ කර ගන්නට රාවණ සිල්බිඳ ගනී.

රාවණ රජුගේ නීත්‍යානුකූල බිරිඳ මන්දෝදරී රැජින බව අපි කීවෙමු. ඇයට අමතරව රාජකීයයකුට හිමි විශේෂ අන්තඃපුරයක් රාවණට තිබිණි. මන්දෝදරී රැජින යනු එදා ලොව සිටි ප‍්‍රධානම ගෘහ නිර්මාණ ශිල්පියා වූ මයදානවගේ දියණියය. ලංකාවේ සීගිරිය නිර්මාණය කළේද මේ මයදානව ගෘහ නිර්මාණ ශිල්පියාය. ඒ රාවණගේ පියා වූ විශ‍්‍රවස් සෘෂිවරයාගේ සමයේය. මයදානව විශ‍්‍රවස් මුණිගේ කිට්ටුවන්තයෙකි. විශ‍්‍රවස් මුණිගේ ඉල්ලීමට මයදානව අගනා බල කේන්ද්‍රයක් ගොඩ නැගීය. සීගිරිය ලොව අසහාය නිර්මාණයකි. එදත් අදත් එයට සම නිර්මාණ ලොව බිහි වී නම් දුර්ලභය. මයදානව ළඟ අගනා ‘ත‍්‍රිශූලයක්’ තිබිණි. එය ලෝක පාලනයට පවා ශක්තිය ඇත්තෙකි. රාවණගේ පෞරුෂය, බලය දුටු මයදානව තමන්ගේ දියණිය ඔහුට විවාහ කර දෙන්නට කැමති බව විශ‍්‍රවස් මුණිට පැවසීය. ඒ වන විට මයදානව ලොව ප‍්‍රධාන පෙළේ පොහොසතෙකි. ඔහුට රාවණ පවුල ගැළපෙයි.

දෙපාර්ශ්වයේ කැමැත්තෙන් රාවණ – මන්දෝදරී විවාහය සිදුවිය. එදා මයදානව රාවණට දායාදයක් දුන්නේය. ඒ පෙර කී මහබලැති ත‍්‍රිශූලයයි. විවාහයකදී මනාලියගේ පාර්ශ්වයෙන් දායාද දීමක් ආරම්භ වන්නේ මෙතැනිනි. එසේ ගත් විට විවාහයේදී දායාද ලැබූ ලොව පළමු මනාලයා රාවණා රජුය.

රාවණ තමන්ට අවශ්‍ය තැනදී මේ ත‍්‍රිශූලය භාවිත කර තිබේ.

රාවණ රජු හා මන්දෝදරී රැජින දිගුකලක් සීගිරිය මාළිගයේ එකට වාසය කළහ. ඒ අවට බළකොටු තනවා හමුදාවන් යොදා, සියල්ල සම්පූර්ණව කාමභෝගී විවාහයක් ගෙවා ඇත. එසේ ගත් විට රාවණ රජු නිතර සිල්රැකි, දහමට ලැදි, මාර්ගඵල ලැබූවෙක් හැටියට ගන්නවාට වඩා ශක්ති සම්පන්න, ලෞකික ශක්තිය එකමිටට ගත් බලවතකු ලෙස දැකිය යුතුය. මේ අදහස් දෙක පටලවා නොගත යුතුය.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
ලංකාදීප

Tuesday, January 5, 2016

රාවණ පරපුරේ අප්‍රකට මූලාශ්‍ර 02


යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.

නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.

රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌ කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය.

කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.

එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.


යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.

යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.

කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.

යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය.

පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.

එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත.

දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,

හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බුව
පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය. යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත. එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.

1. හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.
2. කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3. මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4. කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5. කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6. කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.

සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.

වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය.

රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.

උපුටා ගැනීමකි 
මුල් කතෘ: මානෑවේ විමලරතන හිමි

ත්‍රිපිටකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති

Sunday, January 3, 2016

රාවණ පරපුරේ අප්‍රකට මූලාශ්‍ර


යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.
කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

“ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ”

ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී

ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී

වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ

1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.

2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය.

3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය.

4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.

5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.

6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.

7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය.

8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය.

9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය.


මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.


මතුසම්බන්දයි